~ අහස සේ ඔබ අනන්තයි ~

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..//
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි...ඔබ අනන්තයි..

වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ
මදුවිතක් උතුරන තැනත් ඔබ...
තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ..

අහස සේ ඔබ අනන්තයි...//

අඩ සඳක් සැගවෙන තැනත් ඔබ 
රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ..
සිසිලසක් දනවන තැනත් ‍ඔබ
උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ..

අහස සේ ඔබ අනන්තයි...//

ගායනය: විශාරද නන්දා මාලිනී