~ ආයේ එන්නේ නැතුවාදෝ ~



රෑ අහසේ සඳ පයා නුඹේ රුව මනසේ ඇදුනා
මගෙ අතැගිලි හැර දලා
වෙන් වී නුඹ ගිය දා
සංසාරේ තනිවුයේ මා නොවේදෝ
දුක පිරුනේ මගෙ දෑසේ විතරයිදෝ

ආයේ එන්නේ නැතුවාදෝ
ආලේ දෙන්නේ නැතුවාදෝ
ඔබේ සිනහා හිමි නැතුවාදෝ
මට ආයේ ....

මා දැතේ වෙලිලා පෙර දා
මුණේ සොදුරු සිනා පිපුනා
ඔය කොපුලේ තැවරු හාදු රස දැනුනා //

පෙම් මතකය හදවත පරා
රැ සිහිනේ හදවත ලඟ ඉදලා
සුදු මිදුම සේ දුර ඈත නුඹ ගිය දා

ආයේ එන්නේ නැතුවාදෝ
ආලේ දෙන්නේ නැතුවාදෝ ....

පෙම් හිනේ ළතැවුල් තියලා
ආයේ පිය සටහන් මැකිලා
හැම රැයෙහි සිහිනේන්
නුඹ හා මා දෙඩුවා

කුළුදුල් පෙම මගෙ බිද දලා
නුඹ ගිය හැටි හද රිදවලා
ගිම්හානේ විසකටු
හදවත පාරනවා

ආයේ එන්නේ නැතුවාදෝ ....

ගායනය : මදුශන්ක හෙට්ටිආරච්චි