~ මේ නිහඬ බව ~

මේ නිහඬ බව බිඳෙන්න  
තව මොනවා හරි කියන්න
ඔය නෙත් අගින් සිනාසී
මා දිහා දැන් බලන්න

ඔබ මගෙමයි කියන්න
මට අයිති නැත සිතන්න //
ඔබ පතා තැවෙන්න
මට සුසුම් නෑ හෙලන්න

මේ නිහඬ බව....
දැන් ලඟයි හිරු නැගෙන්න    
තව වරක් මා සිබින්න //
මට ආදරේ යැයි
එක් වරක්වත් කියන්න

මේ නිහඬ බව..

ගායනය :  ක්‍රිශාන්ත එරන්දක