~ පාරමී දම් පුරමු අප දෙදෙනා ~

පාරමී දම් පුරමු අප දෙදෙනා
මගේම අයියණ්ඩියක වී ඔබ
නැගණි වී මා එකම මව්කුස
සසර මතු දා උපත ලබනට
පාරමී දම් පුරමු අප දෙදෙනා

ගවුම් පොඩියක් මටත් අන්දා
කොණ්ඩ කරලක් හිස පලන්දා
යනෙන මාවත දකුණු පැත්තෙන්
මාව පාසල් එක්කරන් යන
මටම ඔබ අයියණ්ඩියක වේවා
ජාති ජාතිත් සංසාරයේ

ළමාවිය ඉක්මවා දවසක
පංචකල්‍යාණියක වී මා
සිරිත් ලෙස කුලගෙයට යන දා
හීනයක් සේ මතක් වෙයි මට
අපේ අසරණ බිදුණු පෙම් ලෝකේ
පූර්ව ආත්මෙක සංසාරයේ...

ගායනය  : නීලා වික්‍රමසිංහ