මම යන්නම්..
මම යන්නම් ඔබ කියන විටක යන්නම්
ඔබට නොපෙනෙන්නට සැගවී මම ඉන්නම්
මොහොතක් හෝ.....ඔබ දැකගනිමින් යන්තම්
ඒ වන තුරු ඔබ ලඟ ඉන්නට ඇත්නම්...//
වන මල් සුපිපෙණ අසපුව ඔබගේ හදවත
එහි මට ඉන්නට අවසර දෙනු මැන හිතවත...//
මම යන්නම්...//
සදාකාලිකව ඔබ හදවත මට හිමි නැත..
කෙටි කලකට වුව මට එහි ලොව්තුරු සුව ඇත...//
මම යන්නම්...//
ගායනය - නෙලු අධිකාරි