~ ආදර දේදුණු ~


ඈතින් පායා ඈතින් බැස යන
ඔබ සුවඳයි ඔබේ සිත සුවඳයි
ආදර දේදුණු පායන මොහොතේ
මම ඉන්නම් ඔබ සිටිනවානම් //

කුළුඳුල් ප්‍රේමයේ ආදර ගීයක්
ගැයෙනා රාත්‍රියේ ඔබ තුරුලේ
රහසක් කියපන් සිත සනසාලා //
ආදරේදෝ මට ආදරේදෝ

ඈතින් පායා...........

හසරැල් සුසුමේ පැටලූ තනුවක්
මතුවන මොහොතේ ඔය නයනේ
ආදර බැල්මක් පා කර එවපන් //
ආදරේදෝ මට ආදරේදෝ

ඈතින් පායා...........


ගායනය - තීක්ෂන අනුරාධ