~ මන්දාරම් අඳුර මැදින් ~

මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම් .....

තනියටවත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ලඟින්
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුනා.....

මන්දාරම් අඳුර මැදින්.....

මග යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා
කොපුලේ වැහි බිඳුවක රස
බලන්න තිබුනා....

මන්දාරම් අඳුර මැදින්....

ගායනය : ක්‍රිශාන්ත එරන්දක