~ කවදා හෝ ~

දන්න හදුනනා තරු නෙතු ගැටිලා 
නොදන්න ගනින් මා පහු කෙරුවා

මට ඔබ විතරක් හුන් දා
ඔබට වෙනත් අයෙක් ඉදලා 
පෙම් හීනෙන් මා හැරවා තනිකලා....

කවදා හෝ ඔබ දුක් වෙයි 
මගේ සෙනෙහෙ වැටහෙනා මොහොතක් එයි
ලගදීම එයි...

කදුළු කුණාටුවේ ගැටිලා 
හීන හිතේ බොල් වූවා
ආත්ම ගානක ඉදලා 
අප මේ ලෙස වෙන් වූවා....

මා තරම් ආදරේ කවුරුවත් නෑ ලොවේ 
මා රවටුවේ ඇයි....

උරුම වේදනා විදලා 
නොදැනීම කාලය ගෙවුණා
මතකද කියන්න හිතලා 
පෙම් කල මුල්ම කෙනා මා...

~ හරි ආදරයෙන් ~

හරි ආදරයෙන් මා ලග ඉන්න
මට බැරි නෑ හිරි හැර විදගන්න
මට හිනා වෙන්න වීරිය දෙන්න
අර ඉස්සර වාගෙම මට ඉන්න..

නුඹ නිතර සිඹින මේ ඉහ මතට
ඇයි මහා මෙරක් තැබුවේ මෙහෙම
දුක දැනෙන ඇඩෙන මේ ඇස් දෙකට
ආදරය කීවේ ඇත්තට නොවෙද..

හරි ආදරයෙන් මා ලග ඉන්න.......

දෙවි වරුන් පවා මියැදෙන බනක
මට පුදුමත් නෑ මගෙ මේ කදුල
නුඹ සුලග ඉතිං මා හැර යන්න
ආදරයක දුක් මට උහුලන්න.......

~ අක්කා ~

කෙසේ රහස් පවසම්...
කෙසේ තුරුලේ සැනසෙම්...කෙසේ අමතක කරම්...
පවසම් හදින් මෙමා ජය මංගලම් //

ජීවන අදුරු කුටියේ මිනි පහන ඔබ උනේ..
මව් පියන් සමගින් මා හැදු හැටි අගේ..
දුක් වේදනා මගෙ නිවුවා.......
මවකි මටනම් මගෙ අක්කා.........

කෙසේ රහස්.........


සරසියකි මට නම් ඔබ අනතත් විලේ
සුරගනකි මට නම් ඈ සිහින ලෝකේ
ඔබ දිවිමගේ මල් පිපියන්
මතුභවයෙදිත් අක්කා වෙයන්

කෙසේ රහස් පවසන්
කෙසේ තුරුලේ සැනසෙන්
කෙසේ අමතක කරම්
පවසම් හදින් මෙමා ජයමංගලම්

ගායනය :   ලහිරු ‍පෙ‍‍රේරා

~ චාහුන් මෙන් යා නා ~

'' නුබ මට මෙය පවසන්න ,
මා ආදරය කල යුතුද නැද්ද කියා " .
" නුබ හදෙහි ලිපිනය දෙනු මැන
මා ආදරය කලත් නැතත්.. //

" මෙය පමණක් පවසන්නම් නුබ හට, මාගේ ආදරය නාමයෙන් ,
මා හට පාලනය කරගත නොහැක කියා "
" එනමුදු හදවදත සිතනු ලැබුවා .... "
" අප මුණගැසීමට පටන් ගත් පසුවත් ,
වරක් ඇසිය යුතුයි කියා."

නුබ මට මෙය පවසන්න ...

" මෙවැනි ආශාවන් මීට පෙර කවදාවත් නොතිබිණ "
" කිසිවකු හමුවිමට මෙතරම් උත්සහ නොගෙන ඇත "
" මාගේ පැනයන් වලට පිළිතුරු ලබාදෙනු .
මා අවශය වුවත් , නුවත් ."
" දැසින් දැස එක් කරවන්න, මා අවශය වුවත් , නුවත් ."

" නුබම, මෙය මට පවසනු ..
මා ආදරය කල යුතුද නැද්ද කියා " .
" තම හදේ තොරතුරු දෙනු මැන
මා අවශය වුවත් , නුවත් ."


Singers: Arijit Singh, Palak Muchhal

~ පාරමී දම් පුරමු අප දෙදෙනා ~

පාරමී දම් පුරමු අප දෙදෙනා
මගේම අයියණ්ඩියක වී ඔබ
නැගණි වී මා එකම මව්කුස
සසර මතු දා උපත ලබනට
පාරමී දම් පුරමු අප දෙදෙනා

ගවුම් පොඩියක් මටත් අන්දා
කොණ්ඩ කරලක් හිස පලන්දා
යනෙන මාවත දකුණු පැත්තෙන්
මාව පාසල් එක්කරන් යන
මටම ඔබ අයියණ්ඩියක වේවා
ජාති ජාතිත් සංසාරයේ

ළමාවිය ඉක්මවා දවසක
පංචකල්‍යාණියක වී මා
සිරිත් ලෙස කුලගෙයට යන දා
හීනයක් සේ මතක් වෙයි මට
අපේ අසරණ බිදුණු පෙම් ලෝකේ
පූර්ව ආත්මෙක සංසාරයේ...

ගායනය  : නීලා වික්‍රමසිංහ

~ ආයේ එන්නේ නැතුවාදෝ ~



රෑ අහසේ සඳ පයා නුඹේ රුව මනසේ ඇදුනා
මගෙ අතැගිලි හැර දලා
වෙන් වී නුඹ ගිය දා
සංසාරේ තනිවුයේ මා නොවේදෝ
දුක පිරුනේ මගෙ දෑසේ විතරයිදෝ

ආයේ එන්නේ නැතුවාදෝ
ආලේ දෙන්නේ නැතුවාදෝ
ඔබේ සිනහා හිමි නැතුවාදෝ
මට ආයේ ....

මා දැතේ වෙලිලා පෙර දා
මුණේ සොදුරු සිනා පිපුනා
ඔය කොපුලේ තැවරු හාදු රස දැනුනා //

පෙම් මතකය හදවත පරා
රැ සිහිනේ හදවත ලඟ ඉදලා
සුදු මිදුම සේ දුර ඈත නුඹ ගිය දා

ආයේ එන්නේ නැතුවාදෝ
ආලේ දෙන්නේ නැතුවාදෝ ....

පෙම් හිනේ ළතැවුල් තියලා
ආයේ පිය සටහන් මැකිලා
හැම රැයෙහි සිහිනේන්
නුඹ හා මා දෙඩුවා

කුළුදුල් පෙම මගෙ බිද දලා
නුඹ ගිය හැටි හද රිදවලා
ගිම්හානේ විසකටු
හදවත පාරනවා

ආයේ එන්නේ නැතුවාදෝ ....

ගායනය : මදුශන්ක හෙට්ටිආරච්චි

~ මේ ඇත්තමයි දෝ ~

මේ ඇත්තමයි දෝ සිතා ගනු බෑ සුවක් දැනුනා ජිවිතේ .. මට සිහිනයක් සේ ඔබ ලැබුණා සඟවනු බෑ ඔබේ වදන් අගනා නෙතින් නිල්නා සුවක් දැණුනා ජිවිතේ මට සිහිනයක් සේ ඔබ ලෑබුණා සඟවනු බෑ.. සෙව්ව මා උණුසුම ජිවිතේ අතරමං වුණා ආදර සාගරේ මුළු හදවතින්මයි ඔබට ලංවුනේ දෙන්නම් සදා නොමියෙනා ආදරේ මේ ඇත්තමයි දෝ සිතා ගනු බෑ දිදුලන්න්ම් මා දේදුන්න සේ සිසිල් පවනක් සේ ඔබේ සෙනෙහසේ රැකගන්නම් දෑස සේ මගේ ඇස් පියවෙනකම් ඔබටයි මා ආදරේ මේ ඇත්තමයි දෝ සිතා ගනු බෑ සුවක් දැනුනා ජිවිතේ .. Artists : Yashan Presents Miss Chey