හරි ආදරයෙන් මා ලග ඉන්න
මට බැරි නෑ හිරි හැර විදගන්න
මට හිනා වෙන්න වීරිය දෙන්න
අර ඉස්සර වාගෙම මට ඉන්න..
නුඹ නිතර සිඹින මේ ඉහ මතට
ඇයි මහා මෙරක් තැබුවේ මෙහෙම
දුක දැනෙන ඇඩෙන මේ ඇස් දෙකට
ආදරය කීවේ ඇත්තට නොවෙද..
හරි ආදරයෙන් මා ලග ඉන්න.......
දෙවි වරුන් පවා මියැදෙන බනක
මට පුදුමත් නෑ මගෙ මේ කදුල
නුඹ සුලග ඉතිං මා හැර යන්න
ආදරයක දුක් මට උහුලන්න.......